Home දේශීය පුවත් බෙල්ලන්විල ඇසළ පෙරහැර නිසා බොරලැස්ගමුවට විශේෂ රථ වාහන සැලැස්මක්

බෙල්ලන්විල ඇසළ පෙරහැර නිසා බොරලැස්ගමුවට විශේෂ රථ වාහන සැලැස්මක්

6

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන ඇසළ මහා පෙරහර හේතුවෙන් බොරලැස්ගමුව ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.
පළමු පෙරහර ඊයේ ආරම්භ වූ අතර අද රාත්‍රියේ රන් සීවලි පෙරහර පවත්වනු ඇති.
ඒ අනුව පෙරහර රාත්‍රී 8.30 ට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර එය අලුයම 1ට පමණ අවසන් වීමට නියමිතයි.
ඒ හේතුවෙන් එම කාලයේදී බොරලැස්ගමුව හන්දිය, බෙල්ලන්තර, පැපිලියාන විහාර මාවත හන්දියෙන් මාර්ගය වසා තැබෙනු ඇති.
මේ අතර රන්දොලි මහා පෙරහර හෙට දින පැවැත්වීමට නියමිත අතර රය රාත්‍රී 9ට ආරම්භ වනු ඇති.
අලුයම 3 දක්වා පෙරහර විථි සංචාරය කරන අතර  ඒ හේතුවෙන් ද එම කාලසීමාවේදී එම මාර්ග වසා තැබෙන බවයි පොලීසිය පවසන්නේ.
මේ හේතුවෙන් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Your Comments