බැසිල් රාජපක්ෂට රට යන්න අවසර

18

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩු දෙකකට අදාළව ඒ මහතාට විදේශගත වීම සඳහා කොළඹ මහාධිකරණය අද අවසර ලබා දී තිබෙනවා.
ඒ එම නඩු දෙක කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග සහ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ යන මහත්වරුන් හමුවේ කැඳවු අවස්ථාවේදීයි.
එහිදී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කර ඇත්තේ එලඹෙන 10 වන දා සිට ඔක්තෝබර් 31 වනදා දක්වා කාලසීමාව තුළ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා තම සේවාදායකයාට අමෙරිකාවේ සංචාරය කිරීමට අවශ්‍යව ඇති බවයි.
ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් දෙකෝටි 94 ලක්ෂයක මුදලක් වැය කර ලිත් ලක්ෂ පනහක් මුද්‍රණය කර බෙදා හැරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව එක් නඩුවක් ගොනු කර තිබෙනවා.
අනෙක් නඩුව ගොනු කර ඇත්තේ දිවිනැගුම අරමුදලින් රුපියල් මිලියන 2,992 දෙකක මුදලක් වැය කර අඩු ආදායම්ලාභීන්ට නිවාස ලබාදීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින්.

Your Comments