බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී 50ක් රෝහලට

21

හම්බන්තොට – වැල්ලවාය මාර්ගයේ ලුණුගම්වෙහෙර නව බස් නැවතුම්පොළ ආසන්නයේදී පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරෙන් පුද්ගලයන් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ මාතර සිට අම්පාර බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් සහ දෙහිඅත්තකණ්ඩියේ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (12) දහවල් 12ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් බස් රථ දෙකෙහිම රියදුරන් ඇතුළු පුද්ගලයින් 50 දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාල ලැබූවන් ලුණුගම්වෙහෙර, දෙඹරවැව සහ හම්බන්තොට යන රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ලුණුගම්වෙහෙර පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

 

Your Comments