බලංගොඩදී අතුරුදන් වූ 10 හැවිරිදි දරුවා සොයා 8 වන දිනටත් මෙහෙයුම්

31

බලංගොඩ, සමනලවත්ත ප්‍රදේශයේ අතුරුදන්ව සිටින 10 හැවිරිදි දරුවා සොයා 8 වන දිනටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.
පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත දරුවා සෙවීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 5ක් ද යොදවා ඇති බව සඳහන්.
අදාළ දරුවා පසුගිය සිකුරාදා පාසල් නිමා වී නිවසට පැමිණීමෙන් අනතුරුව සිය පියා සොයා යාබද වන පෙදෙසට ගිය ඔහු යළි නිවසට පැමි තිබුණේ නැහැ.
පසුව දෙමාපියන් විසින් බලංගොඩ පොලීසියට පැමිණිල්ලක් ද ගොනු කරනු ලැබුවා.
ඒ අනුවයි ප්‍රදේශවාසීන්, පොලීසිය සහ හමුදා සාමාජිකයින් එක්ව මෙම මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ලැබුවා.

Your Comments