පොහොට්ටුවේ ජන බලය ගැන අගමැති පක්ෂ සංවත්සරය අමතමින් කියයි

66

එක්සත් ජාතික පක්ෂය සිය 72 වන සංවත්සරය අද සමරනු ලබනවා. අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙම උත්සවය ආරම්භ වුණේ.
එක්සත් ජාතික පක්ෂය මෙරට ප්‍රධානතම දේශපාලන පක්ෂය වන අතර එය 1946 වර්ෂයේ සැප්තැම්බර් මස 06 වන දින ආරම්භ කරනු ලැබුවා.
ඩී.එස් සේනානායක මහතාගේ නායකත්වය යටතේ කොළඹ ඇල්බට් ක්‍රෙසන්ට් මාවතේ ෆාම්කෝට් මන්දිරයට රැස් වූ සාමාජිකයින් 205 දෙනෙකු පමණ එක්සත් ජාතික පක්ෂය නිළ වශයෙන් ආරම්භ කර තිබෙනවා.
1947 වර්ෂයේ ප්‍රථම පාර්ලිමේන්තු මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂය තරග කළ අතර එම මැතිවරණය ජයග්‍රහණය කළ ඩී.එස් සේනානායක මහතා මෙරට ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීම ද විශේෂත්වයක්.
“වැඩ කරන, වැඩ කරපු 72” යන තේමාව යටතේයි මෙම සංවත්සරය පැවැත්වෙන්නේ.
ඊට එක්වෙමින් අදහස් දැක් වූ පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මහජනයාගෙන් ඉල්ලා සිටියේ ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂ නායකත්වයක් යටතේ රටේ පාලනය සිදු කිරීමට පෙළගැසෙන ලෙසයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සංවත්සර උත්සවය ඇමතුවේ ඉන් අනතුරුවයි.
එහිදී ඔහු කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂයට ජන පදනමක් නොමැති බව ඊයේ පැවති විරෝධතාවයෙන් පැහැදිලි වන බවයි.

 

Your Comments