Home දේශීය පුවත් පොසොන් උත්සවයට සමගාමීව දිවයින පුරා දන්සල් රැසක්

පොසොන් උත්සවයට සමගාමීව දිවයින පුරා දන්සල් රැසක්

3

පොසොන් උත්සවයට සමගාමීව දිවයින පුරා දන්සැල් පන් දහසකට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි උප ලේකම් සිරිපාල කැටපේආරච්චි මහතා සඳහන් කළේ දන්සැල් පරීක්ෂාව සඳහා විශේෂ මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායම් කිහිපයක් ද යොදවා ඇති බවයි.

මේ අතර පොසොන් සතිය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලූම සුරාසැල් වසා දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කළා.

උතුරුමැද සහකාර සුරාබදු කොමසාරිස් ආර්.එම්. රත්නායක මහතා සඳහන් කළේ නීතිවිරෝධී ලෙස මත්පැන් අලෙවි කරන්නන් සොයා ඊයේ සිට දිස්ත්‍රික්කය පුරා වැටලීම් සිදුකරන බවයි.

Share this Article!

Your Comments