UPDATE : පොලිස් නිළධාරීන් දෙදෙනෙකු මරණයට පත්වීමේ සිද්ධියේ පරීක්ෂණ CID යට

22

මඩකලපුව-වව්නතිව් ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.
ඒ අනුව පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ නිළධාරීන් කණ්ඩායමක් ද සිද්ධිය වූ ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
වව්නතිව් ප්‍රදේශයේ මාර්ග  බාධකයක රාජකාරී කරමින් සිටිය දී අදාළ නිලධාරීන් දෙදෙනා මිය ගොස් සිටි අතර ඔවුන්ගේ මළසිරුරු සොයා ගැණූනේ අද පෙරවරු කාලයේ දී යි.
පසුව අණාවරණය වූයේ ඔවුන් දෙදෙනා වෙඩි වැදීමකින් මිය ගොස් ඇති බවයි.
මියගිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා 35 හැවිරිදි හා 28 හැවිරිදි වියේ පසුවූ බව සදහන්.
මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග මත මඩකලපුව කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ ද විමර්ශන ක්‍රියාත්මකයි.


මඩකලපුව වව්නතිව් ප්‍රදේශයේ රාජකාරීයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරුට [ Nov 30, 2018 @ 11:15 ]

මඩකලපුව-වව්නතිව් ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
වව්නතිව් පොලිස් ස්ථානයට අනියුක්ත මාර්ග  බාධකයේ රාජකාරී කරමින් සිටිය දී මෙම නිලධාරීන් දෙදෙනා මිය ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කලේ.
අද උදෑසන මෙම නිලධාරීන්ගේ මළ සිරුරු සොයා ගෙන ඇති අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
මේ සම්බන්ධයෙන් පොලිස්පතිගේ නියෝග මත මඩකලපුව කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

 

Your Comments