පෙට්‍රල් දෙන්න ඉටිපන්දම දල්වද්දී කඩේ ගිනිගෙන දරුවන් දෙදෙනෙකුට තුවාල
(අම්බලන්තොට - අජිත් පුෂ්පකුමාර)

14

අම්බලන්තොට උහුපිටගොඩ, නුගේවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වෙළඳ සැළක ඊයේ (09) රාත්‍රී ගිනි ඇවිලීමෙන් දරුවන් දෙදෙනෙකු පිළිස්සුම් තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පෙට්‍රල් බෝතලයක් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයෙකුට එය ලබා දීමට 10 හැවිරිදි පිරිමි දරුවාත් 08 හැවිරිදි ගැහැණු දරුවාත්
ඉටිපන්දමක් දල්වා ඇති අතර එම අවස්ථාවේදී ගින්න ගටගෙන තිබෙනවා.

පෙට්‍රල් ලබාගැනීමට පැමිණි පුද්ගලයා විසින් කඩය තුල සිර වී සිටි දරුවන් හම්බන්තොට රෝහලට ඇතුලත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ දෙමාපියන් නිවසින් පිටව ගොස් සිටියදී සිල්ලර වෙළඳසැළ පවත්වාගෙන යනු ලැබූ නිවසට විදුලිය විසන්ධි වී ඇති අවස්ථාවක දරුවන් තිදෙනා පමණක් නිවසේ සිටියදී අනතුර සිදුව ඇති බවයි. 

Your Comments