Home දේශීය පුවත් පුදුකුඩිඉරිප්පු පොලීසිය මහා පරිමාණ කසිප්පු ජාවාරමක් වටලයි

පුදුකුඩිඉරිප්පු පොලීසිය මහා පරිමාණ කසිප්පු ජාවාරමක් වටලයි

3

මුලතිව්ල පුදුකුඩිඉරිප්පු, කල්මඩු වැව් සීමාවේ පවත්වාගෙන ගිය කසිප්පු ජාවාරමක් වටලා ගෝඩා බැරල් 10ක් සොයා ගැනීමට පුදුකුඩිඉරිප්පු පොලිසිය සමත්ව තිබෙනවා.

පොලිසිය වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම ගෝඩා බැරල් තොගය සොයා ගැනීමට හැකිව ඇත්තේ.

වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් පළාගොස් ඇති අතර, කසිප්පු පෙරීමට සාදා තිබු ගෝඩා බැරල් 10 ක් ඇතුළු උපකරණ තොගයක් අත්අඩංගුවට ගත් බවද පොලිසිය සදහන් කළා.

පොලිසිය පැවසූවේ කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවල කසිප්පු ජාවාරම සිදුකිරීමට ජාවාරම්කරුවන් උත්සහ ගනිමින් සිටින බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

Share this Article!

Your Comments