පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වෙඩිතැබීමකින් සහ පහරදීමකින් සිව්දෙනෙකුට තුවාල

5

මුලතිව් පුදිකුඩිඉරුප්පු ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් සහ පහරදීමකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පෞද්ගලික ආරවුලක් මත නිවසකට පැමිණි පිරිසක් එහි සිටි පුද්ගලයන්ට මෙලෙස පහරදී ඇති බවයි නිව්ස් 24 වාර්තාකරු පැවසුවේ.
තුවාලකරුවන් මුලතිව් රෝහලට ඇතුළත් කර ඇති අතර, වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මේ වන විට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Your Comments