පුද්ගල ඝාතනයක වරදකරුවන් වූ සැකකරුවන් තිදෙනෙකුට මරණ දඬුවම

19

පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් පන්නිපිටිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඔහුගේ බිරිදට තුවාල සිදු කිරීමට වරදකරුවන් වූ පුද්ගලයින් තිදෙනෙකුට අද මරණ දඩුව නියම කරනු ලැබුවා.
ඒ ඊට අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
1996 වසරේ නොවැම්බර් මස දෙවන දා සිදුවූ මෙම ඝාතනයට සැකපිට විත්තිකරුවන් 5 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු ගොනු කරනු ලැබුවා.
සිද්ධියට සම්බන්ධව තවත් විත්තිකරුවෙකුට වසර හත හමාරක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළ අතර, අනෙක් විත්තිකරුට එල්ල කර තිබූ චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත්වීම නිසා ඔහු නිදහස් කිරීමට ද මහාධිකරණ විනිසුරුවරයා නියම කර තිබෙනවා.

Your Comments