Home දේශීය පුවත් පුත්තලමේ හරක් ජනතාවට බරක් ප්‍රියංකර කළුපහන - පුත්තලම

පුත්තලමේ හරක් ජනතාවට බරක්
ප්‍රියංකර කළුපහන - පුත්තලම

3

ප්‍රධාන මාර්ග අවහිර කරමින් අයාලේ යන ගවයින් රංචු වශයෙන් මාර්ගයේ තැනින් තැන රැඳී සිටීම හේතුවෙන් පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසක රථ වාහන අනතුරු ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. මෙලෙස අයාලේ යන ගවයින් රංචු වශයෙන් ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වන ලෙසට ගමන් කිරීමෙන් ඇතැම් අවස්ථාවලදී යතුරුපැදිකරුවන්, පාපැදිකරුවන් සහ ත්‍රිරෝද රථ රියදුරන් අනතුරුවලට මුහුණපාන බවයි ඔවුන් පවසන්නේ.
පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ පාලවිය, මුන්දලම, කීරියන්කල්ලිය, මදුරන්කුලිය වැනි නාගරික ප්‍රදේශවලද පුත්තලම පරණ මන්නාරම් මාර්ගයේ මනල්තිව්, 4 කණුව, එළුවන්කුලම, වට්ටක්කන්ඩල්, ඉස්මයිල්පුරම්, සමගිපුර, කරඩිපුවල් වැනි මාර්ග වල නිරන්තරයෙන් මෙසේ අයාලේ යන ගවයින් බහුල වශයෙන් දක්නට ලැබෙන බවයි නිව්ස්24 වාර්තාකරු කියා සිටියේ. ඔහු වැඩිදුරටත් කියා සිටියේ පොලිසිය හෝ ගවගාල් හිමියන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැටලු සහගත බව ප්‍රදේශවාසීන් පවසන බවයි.

 

Share this Article!

Your Comments