“පිබිදෙමු පොළොන්නරුව” දෙවන දිනයේදී ව්‍යාපෘති 60ක් ජනතා අයිතියට

8

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක “පිඹිදෙමු පොළොන්නරුව” ව්‍යාපෘතිය යටතේ තවත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමේ කටයුතු අද පෙරවරුවේ සිදු කෙරුණා.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.
ඒ අනුව, සංවර්ධන ව්‍යාපෘති 60 ක් අද දින ජනගත කෙරුණා.
ඊයේ දින සිට දින 3ක් පුරා මෙම ව්‍යාපෘති ජනතා අයිතියට පත් කිරීමේ කටයුතු සිදු කරනු ඇති.
ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව සිදු කෙරෙන මෙම සංවර්ධන කටයුත්ත සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 6,000ක්.
අධ්‍යාපන ක්‍ෂේත්‍රයට අයත් ව්‍යාපෘති 110ක්, සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ව්‍යාපෘති 15ක්, ජල සම්පාදන ව්‍යාපෘති, අඩු ආදායම් ලාභීන් සඳහා නිවාස, බස් නැවතුම්පල, රංග ශාලා වැනි සංවර්ධන ව්‍යාපෘති 180 ක් පත් කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Your Comments