පෑලියගොඩට කුඩු බෙදූ මහමොළකරුවෙක් අත්අඩංගුවට

13
අත්අඩංගුවට ගනු ලැබූ පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසනවා.
ඊයේ පස්වරුවේ 26 හැවිරිදි අදාළ සැකකරු විශේෂ කාර්යය බලකා නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගනු ලැබුවා.
සැකකරු සතුව තිබී ජීව අත්බෝම්බයක් සහ හෙරොයින් ග්‍රෑම් 5 ක් සොයා ගෙන තිබෙනවා.
සැකකරු පසුගිය දා විශේෂ කාර්ය බලකාය සමග වත්තලදී සිදුවූ වෙඩි හුවමාරුවේදී මිය ගිය ඩී.මංජු නැමති සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම මෙහෙයවූ පුද්ගලයා බවයි පොලීසිය සඳහන් කරන්නේ.
එමෙන්ම ඔහු පසුගිය දා වෙඩි තැබීමකින් ඝාතනය වූ නාගරික මන්ත්‍රී ශ්‍යාමෙල් සඳරුවන් යන අයගේ සහෝදරයා ද වන බව සඳහන්.

Your Comments