පැල්වෙහෙර ප්‍රදේශයේදී රිය අනතුරක් – ගිනි ගනිමින් තිබූ රථයේ සිටි පියා සහ පුතු රෝහලට
කාංචන කුමාර - දඹුල්ල

16

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී වෑන් රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
මාර්ගයෙන් ඉවතට පැන ගිනි ගැනීමට ලක්වූ වෑන් රථයේ පිළිස්සෙමින් සිටි පියෙකු සහ ඔහුගේ 13 හැවිරිදි පුත්‍රයා බේරා ගෙන රෝහල් ගත කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගත් බවයි නිව්ස් 24 වාර්තාකරු පැවසුවේ.
ප්‍රදේශවාසීන් සහ දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව එම ගින්න මැඩපවත්වා ඇති අතර අදාළ වෑන් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව සඳහන්.
ඔවුන් දෙදෙනා හෙට දින ඉන්දියාවේ සංචාරයක් සඳහා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

Your Comments