පාලනය ගිලිහී…

10

තිස්සමහාරාම කිරින්ද ධීවර වරායේ සිට බදුල්ල ප්‍රදේශයට මාලු ප්‍රවාහනය කරමින් සිටි කැබ් රථයක් තිස්ස කතරගම ප්‍රධාන මාර්ගයේ වැලිගත්ත කෘෂි පර්යේෂණ ආයතනය අසලදී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී තිබෙනෙවා.
හම්බන්තොට පොලිසිය පැවසුවේ අද (21) පෙරවරු 07.30ට පමණ සිදු වූ අනතුරෙන් කැබ් රථයේ රියදුරු හා තවත් අයෙකු බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇති බවයි.
රියදුරු කොඩියාවත්ත, නඩුකාරකන්ද, බදුල්ල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයෙක්.
රිය සහායක උඩුපිලවත්ත, හාලිඇල ලිපිනයේ පදිංචි 32 හැවිරිදි අයෙක්.
දැඩි වංගුවක් සහිත ස්ථානයක දී රියදුරුට රථය පාලනය කර ගත නොහැකිව අනතුර සිදුව ඇති බවයි මූලික පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ.

(ජායාරූප – සූරියවැව නුවන් ජයසේකර)

Your Comments