පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ නිවසකට ඇතුළු වූ රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ රියදුරෙකු අත්අඩංගුවට

45

මාදිවෙල මන්ත්‍රිී නිල නිවාස සංකීර්ණයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතාගේ නිවසට බීමත්ව ඇතුලූවූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මහතාගේ රියදුරා බවයි පොලීසිය සඳහන් කළේ.

අයුතු ඇතුලූවීමේ චෝදනාවට මිරිහාන පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සැකකරු වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනාවරණ වී ඇත්තේ ඔහු එම අවස්ථාවේ බීමතින් සිට ඇති බවයි.

41 හැවිරිදි සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

Your Comments