පාර්ලිමේන්තුව ලබන 7වනදා කැඳවන්නේ යැයි ජනපති පැවසූ බව කතානායක කියයි

15

එළඹෙන 7 වනදා පාර්ලිමේන්තුව කැඳවීමට නියමිත බව කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේ අද පෙරවරුවේ පැවති රැස්වීමකදී කථානායකවරයා මේ බව සඳහන් කළා.
ජනාධිපතිවරයා විසින් ඊට අදාළ දැනුම්දීම තමා වෙත සිදු කළ බවයි හෙතෙම කියා සිටියේ. 
මේ අතර අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ  සහ නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන්ගෙන් විමසීමක් කළා. 

Your Comments