ප්‍රසන්න රණතුංගට විදෙස් ගත වීමට අවසර

46

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලික ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු ඉඩමක් ගොඩ කර එහි රැඳී සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් බලහත්කාරයෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටි බවට චෝදනා කරමිනුයි මෙම නඩුව ගොනු කරනු ලැබුවේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා, ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන මෙම නඩුව අද කැඳවණු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේයි. නඩු විභාගය ජනවාරි මස 17  වනදා යළි කැඳවීමට නියමිතයි.

 

Your Comments