ප්‍රදේශ දෙකකදී දෙදෙනෙක් දිවි නසා ගනී

23

හිනිදුම සහ මාන්කුළම යන ප්‍රදේශයන්හිදී පාසල් සිසුවියක සහ තවත් තරුණයෙකු ගෙල වැලලාගෙන මිය ගොස් තිබෙනවා
පොලීසිය සඳහන් කළේ මාන්කුළම- ඉන්දුපුරම්හි පදිංචිව සිටි 14 හැවිරිදි පාසල් සිසුවියක ගෙල වැලලාගෙන බරපතල තත්ත්වයෙන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බවයි.
සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
මේ අතර, හිනිදුම – වේවැල්දෙණිය ප්‍රදේශයේදී 24 හැවිරිදි තරුණයෙකු සිය නිවසේ දී ගෙල වැලලාගෙන සිය දිවි හානි කර ගෙන තිබුණේ පවුල් ආරවුලක් හේතුවෙන්.

Your Comments