පස්සර නූරි වතු අධිකාරී වරයාගේ කැබ් රථය ප්‍රපාතයකට පෙරලෙයි

20

පස්සර නූරි වතු අධිකාරිවරයා, ඔහුගේ බිරිඳ හා දියණිය ගමන් කරමින් තිබු ජීප්රථය බදුල්ල-පස්සර මාර්ගයේ බදුළුසිරිගම ප්‍රදේශයේ දී අඩි 100 ක පමණ ප්‍රපාතයට පෙරළී අනතුරට ලක්ව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබු ඔවුන් තිදෙනාම බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.
ඊයේ රාත්‍රී 10.00 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර ජිප් රථයට ද දැඩි හානි සිදුව තිබෙනවා.
බදුල්ල නගරයට පැමිණ යළි වත්තට යමින් සිටියදි මෙම අනතර සිදුව ඇති බව විමර්ශන අනාවරණය වු බවයි පොලිසිය පැවසුවේ.

Your Comments