පශු සම්පත් මණ්ඩලයේ සභාපතිවරයා යළි රිමාන්ඩ්

11

රුපියල් ලක්ෂ 06  ක අල්ලසක් ලබා ගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති  කේ. එම්. මුත්තු  විනයාගම් මහතා ඇතුළු සැකකරුවන් දෙදෙනා හෙට දින දක්වා බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්  කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන බවයි.
ඒ අනුව සැකකරුවන් දෙදෙනා තවදුරටත් බන්ධනාගාර ගත කරන ලෙසයි එම කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
විත්තියෙ ඇප ඉල්ලීමට අදාළ ලිඛිත දේශන හෙට දින ඉදිරිපත් කරන ලෙස අධිකරණය පාර්ශවකරුවන්ට එහිදී දැනුම් දුන්නා.

 

Your Comments