නේපාලයේ දී ජනපති හරසරින් පිළිගැනේ

9

බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් (BIMSTEC) හතර වන රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගිවීමට නේපාලය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) දහවල් කත්මණ්ඩු නුවර ත්‍රිභුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වී තිබෙනවා.

නේපාල නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය ඊෂ්වර් පොඛ්‍ර්ල් (Ishwar Pokhrel) මහතා ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් විසින් එහි දී ජනාධිපතිතුමා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

එහිදී දෙරටේ ජාතික ගීයද වාදනය කෙරුණු අතර එරට රජයේ පූර්ණ හමුදා උත්තමාචාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

පිළිගැනීමේ අවස්ථාවෙන් අනතුරුව ජනාධිපතිවරයා නේපාල නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සමග සුහද කථා බහකට ද එක්ව තිබෙනවා.

Your Comments