නීති විරෝධීව රත්‍රං ගෙන ආ ඉන්දියානුවෙක් අත්අඩංගුවට

17

නීතිවිරෝධී ලෙස රත්‍රං තොගයක් දිවයිනට රැගෙන ඒමට උත්සාහ කළ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හයිඩ්‍රොලික් ජංගම වාහන ඔසවනයක් තුළ අදාළ රත්‍රං තොගය සඟවා තිබූ අතර එහි කිලෝ ග්‍රෑම් 03 යි ග්‍රෑම් 13 ක් බර රත්‍රං කුට්ටි සහ ස්වර්ණාභරණ තොගයක් සොයා ගත් බවයි රේගුව පැවසුවේ.
එහි වටිනාකම රුපියල් එක් කෝටි අනූ ලක්ෂ අසූ දෙදහස් හයසිය තිහක්.
සැකකරු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

Your Comments