නිවාස බිඳ දේපල සොරකම් කළ හයක් දැලේ

19

නිවාස බිඳ දේපල සොරාගැනිම් සම්බන්ධයෙන් පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකකදී පිටකෝට්ටේ, කෝට්ටේ සහ හෝකන්දර යන ප්‍රදේශවලදි එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරිම්වලින් පසු මීරිහාන, අතුරුගිරිය, තංගල්ල, වැල්ලම්පිටිය, කොලොන්නාව සහ බියගම යන ප්‍රදේශවල සිදු කළ විවිධ සොරාගැනිම් රැසක් පිළිබඳ කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.
සැකකරුවන් 18,19 සහ 24 හැවිරිදි වයස්වල පසුවන කොට්ටේ, පිටකෝට්ටේ සහ හෝකන්දර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

Your Comments