නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම ගැන පොලිස් කොමිසම පොලිස්පතිගෙන් කරුණු විමසයි

33

පොලිස් කොමිසම විසින් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ කරුණු දක්වන ලෙස පොලිස් කොමිසම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත දැනුම්දී තිබෙනවා.

පසුගිය බ්‍රහස්පතින්දා කොමිසම රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන ඇති අතර ඉන් අනතුරුව ලිඛිතව අදාළ දැනුම්දීම සිදුකර ඇති බව සඳහන්.

උසස්විම් ක්‍රියාත්මක නොකිරිම ඇතුළු කරුණූ 06ක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත අදාළ ලිපිය යොමු කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර මත් ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා සමස්ත ජනතාවගේම දායකත්වය අවශ්‍ය බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අවධාරණය කරනවා.

හෙතෙම මේ බව කියා සිටියේ ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

Your Comments