නිදහස් පක්ෂය හදන ආණ්ඩුවකට එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රීවරුත් එක්වීමට සූදානම්

52

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් එළියට ඇවිත් අලුත් අගමැතිවරයෙක් යටතේ නව ආණ්ඩුවක් සාදන්නේ නම් එක්සත් ජාතික පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික්කයේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් බලාපොරොත්තුවෙන් සිටින බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා හාලිඇළ ඉඹුල්ගොඩ දී (06) පැවති ජන හමුවක් අමතමින් කියා සිටියා.
අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ තමා සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේදී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටි අයෙක් බවයි.
ජන හමුව අමතමින් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මෙලෙස අදහස් දැක්වූවා.

මේ දවස්වල යන යන තැන්වල මාධ්‍යවේදීන් වොයිස් කට් ඉල්ලනවා. මොකද වෙන්නේ කියල වොයිස් කට් දීලා ආණ්ඩු පෙරළන්න බැහැ. ටීවී එකට කතා කරලා ආණ්ඩු පෙරළන්න බැහැ. පත්තරේට හොරෙන් කතා කරලා මෙහෙම කරනවා කියලා ආණ්ඩු පෙරළන්න බැහැ. ආණ්ඩු පෙරළන හැටි තියෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ.

එහි 13 වන සංශෝධනය අනුව කැබිනට් එකේ ඉන්න පුළුවන් 30 දෙනයි. දැනට කැබිනට් එකේ 45 දෙනෙක් ඉන්නවා. ඒ ප්‍රධාන පක්ෂ දෙක එකතු වුණ නිසා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනෙක් අයත් අපි වගේ එළියට ආවොත් අන්න එදාට ජනාධිපතිතුමාට පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අලුත් අගමැති කෙනෙක් පත් කරන්න.එහෙම උනොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති කෙනෙක් එක්ක අලුත් ආණ්ඩුවක් හදන්න පුළුවන්.

Your Comments