නාලක ද සිල්වා යලි රිමාන්ඩ්

12

ඝාතන කුමන්ත්‍රණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මේ මස 11 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා
ඒ ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින්.
එදිනට ඔහු විසින් ඉදිරිපත් කර ඇති ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ද ලබාදීමට කටයුතු කරන බවයි කොටුව මහේස්ත්‍රාත්වරයා දැනුම්දුන්නේ.
එමෙන්ම ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා ද ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

 

Your Comments