Home දේශීය පුවත් නාමල්ට එරෙහි ගවස්ර් නඩුව යලිත් කල් යයි

නාමල්ට එරෙහි ගවස්ර් නඩුව යලිත් කල් යයි

14

අයථා වත්කම් ඉපැයීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුරට විභාගය ලබන 31 වන දා සිදු කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් අයථා ආකාරයෙන් උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් යොදවා ගවර්ස් කෝපරේට් නැමැති සමාගමක කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙනුයි ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වන්නේ.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඉදිරියේ අද විභාගයට ගැනීමට නියමිතව තිබූ අතර, සාක්ෂිකරු අසනීපයෙන් පසුවන බවට පැමිණිලි පාර්ශවය විසින් අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුවයි එය විභාග කිරීම කල්දැමුණේ.

Your Comments