නව රාජ්‍ය තාන්ත්‍රීකයන් සිව්දෙනෙකු අක්තපත්‍ර භාර දෙයි

33

ශ්‍රී ලංකාවට පත්ව ආ නව තානාපතිවරු සිව්දෙනෙක් අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත්‍ර බාර දුන්නා.
ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ප්‍රංශය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් සඳහා මෙලෙස නව තානාපතිවරුන් පත්ව ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ.
විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියා.

 

Your Comments