නව රථවාහන දඩ අය කිරීම 15 වනදා සිට – සහන කාලය තවත් දින 14කින් දීර්ඝ වෙයි

84

රථ වාහන වැරදි 33ක් සඳහා නියම කෙරෙන ස්ථානීය දඩ මුදල මේ මස 15වන දා සිට වැඩි කෙරෙන බව රථ වාහන පොලීසිය පවසනවා.

මීට පෙර දඩ කොළයෙහි සටහන්ව තිබුණේ වැරදි 23ක්.

එය 33 දක්වා වැඩි කර ඇති අතර, ඒ යටතේ දඩ කොළය ද දිගු වනු ඇති.

මීට අමතරව මාර්ග වැරදි සඳහා අවම දඩ මුදල ලෙස තිබූ රුපියල් 500 රුපියල් 1000 දක්වා වැඩි කර තිබෙනවා.

එමෙන්ම මීට පෙර දින 14ක් ඇතුළත දඩ මුදල ගෙවිය යුතු වුවද, නව ක්‍රමය අනුව තවත් දින 14ක් සඳහා එය දීර්ඝ කර තිබෙනවා.

කෙසේ වෙතත්, එහිදී අය කෙරෙන මුදල දෙගුණ වන බවටයි රථ වාහන පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව, මේ වන විට අදාළ දඩ පත්‍රිකා, සියලුම පොලිස් ස්ථානවෙත යොමු කර ඇති බව රථවාහන හා මාර්ග ආරක්‍ෂාව පිළිබඳ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා ප්‍රකාශ කළේ.

නව දඩ සංශෝධනය

අධික වේගයෙන් ගමන් කිරීම – රුපියල් 3000
මාර්ග නීති රීති කඩ කිරීම – රුපියල් 2000
පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා ධාවනය කිරීම – රුපියල් 2000
මාර්ගයක වාහනයක් නවතා තැබීමේ දී පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග නොගැනීම – රුපියල් 2000
උපදේශක බලපත්‍රයක් නොමැතිව උපදේශක කටයුතුවල නිරත වීම – රුපියල් 2000
ආදායම් බලපත්‍රය ප්‍රදර්ශනය නොකිරිම – රුපියල් 1000
වාහනයකින් අධික ශබ්දය නිකුත් කිරීම – රුපියල්1000
මෝටර් රථයක් මාර්ගයක නතර කිරීම – රුපියල්1000
ආරක්ෂක හිස් වැසුම් පැළඳීම පැහැර හැරීම – රුපියල්1000
ආසන පටි භාවිත නොකිරීම – රුපියල් 1000
නුසුදුසු සංඥා භාවිතය – රුපියල් 1000

 

 

Your Comments