නව අලි වැට ඉදිකිරීම් කඩිනමින් අරඹන්නැයි ජනපතිගෙන් උපදෙස්

11

පවතින අලි වැටවල්වලට අමතරව දිවයින පුරා අලුතින් ඉදිකළ යුතු කිලෝ මීටර 2,500 ක් වන අලි වැට ඉදිකිරීම් ක්‍රමවත් වැඩපිලිවෙලක් ඔස්සේ කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
අලිවැට නඩත්තු කටයුතු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි ජනාධිපතිවරයා එම උපදෙස් ලබා දුන්නේ.
අලි මිනිස් ගැටුම් වලක්වා ගැනීමේදී අලිවැට නිසි පරිදි නඩත්තු කිරීමේ වැදගත්කම එහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා අඩුපාඩු සහිත සහ අක්‍රීය වී ඇති විදුලි වැට කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව ද පැහැදිලි කර දුන්නා.
අලිවැට නඩත්තු කටයුතු වෙනුවෙන් සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් 1,860 දෙනෙකු මේ වන විට යොදනවා තිබෙනවා.
දිවයින පුරා පවතින අලිවැට ප්‍රමාණය කිලෝමීටර 4,000 ක් පමණ වන අතර අදාළ පිරිස එම නඩත්තු කටයුතු සඳහා ප්‍රමාණවත් නොවන බව මෙහිදී අනාවරණ වුණා.
එම පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමට පියවර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේ.

Your Comments