නවසීලන්ත යුද ගුවන් යානයක් මත්තලට

15

නවසිලන්ත ගුවන් හමුදාවට අයත් එන්.ඊ.එච් 795 යුද ගුවන්යානාව ගුවන් බටයින් 15 දෙනෙකු සමඟ අද පෙරවරුවේ මත්තල ගුවන් තොටුපොල වෙත පැමිණ තිබෙනවා.
ඒ අදාළ ගුවන් යානය ඉන්දුනීසියාවේ සුල්තානා අසිස් ගුවන්තොටුපොළේ සිට ඩුබායි හි අල්මින් හට් ගුවන් තොටුපොල දක්වා ගමන් කරන අතරතුරදීයි.
කාර්යමණ්ඩලයට විවේක ගැනීමට සහ යානාවට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට මෙම යානාව එලෙස ගොඩ බවස්වා ඇති බව සඳහන්.
මෙසේ පැමිණි ගුවන් යානයේ සිටි සෙබළුන් හෙට උදෑසන ඩුබායි බලා පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

Your Comments