නයාරු ධීවර වාඩිවලට කිසියම් පිරිසක් ගිනි තබයි
මාධව කුලසූරිය - වවුනියාව

16

මුලතිව්, නයාරු ධීවර වාඩිවලට කිසියම් පිරිසක් ඊයේ (13) රාත්‍රියේ ගිනි තබා ඇති බව මුලතිව් නයාරු ධීවර ජනතාව පවසනවා.
ධීවරයින් පැවසූවේ ගින්න හේතුවෙන් ධීවර වාඩි 8 ක් සහ බෝට්ටු 2 ක් ගිනිගෙන විනාශ වී ඇති අතර, ධිවර වාඩිවල තිබු දැල් ආම්පන්න තොගයක්ද ගින්නට හුසව විනාශ වී ඇති බවයි.
තම වාඩි වෙතට ඇතුළු වූ පිරිසක් වාඩිවලට ගිනිතබා පළාගොස් ඇති අතර, ගිනි තැබීම් කවුරුන් සිදුකළේද යන්න සම්බන්ධයෙන් තමන් නොදන්නා බවද ධීවර ජනතාව පොලිසිය වෙත පවසා තිබෙනවා.
ගින්න හට ගැනීමෙන් අනතුරුව ප්‍රදේශයේ ධීවර ජනතාව එක්ව ගින්න නිවා දමා ඇතැයි පොලිසිය පවසනවා.
සංක්‍රමණික ධීවරයින් පළවා හරින ලෙසට මුලතිව් ධීවර ජනතාව පසුගිය සමයේ විරෝධතාවයක නිරතව සිටි අතර, නයාරු ධීවරයින් පැවසූවේ අදාළ කාරණය හේතුවෙන් ධීවර වාඩි‍වලට ගිනි තබා ඇති බවට තමන් සැක පළ කරන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් කෝකිලායි පොලිසිය හා මුලතිව් පොලිසිය පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

Your Comments