දේශීය පළතුරු ගොවියා රැකගැනීමට ජනපති මැදිහත්වෙයි

11

දේශීය පළතුරු ගොවියා රැකගැනීම වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ආනයනික පළතුරු හේතුවෙන් දේශීය ගොවියාට එල්ල වී ඇති අභියෝග සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්නේ.

දේශීය පළතුරු ගොවියා රැකගැනීම වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේ පැවැත් වූ සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදි බලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ දේශීය පළතුරු පරිභෝජනය සඳහා ජනතාව නැඹුරු කිරීමේ වැඩපිළිවෙලක අවශ්‍යතාව ද පවතින බවයි.

Your Comments