Home Top Stories දුම්රිය වර්ජනය තවදුරටත්. – සාකච්ඡා සඳහා නිල ආරාධනාවක් නොමැති බවට වෘත්තිය සමිති...

දුම්රිය වර්ජනය තවදුරටත්. – සාකච්ඡා සඳහා නිල ආරාධනාවක් නොමැති බවට වෘත්තිය සමිති කියයි

21

වැටුප් ගැටළුවක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ඊයෝ පස්වරුවේ ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වනවා.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා ප්‍රකාශ කළේ සිය වර්ජනය අතහැර සාකච්ඡා සඳහා පැමිණෙන ලෙසයි.

එහෙත් දුම්රිය එංජින් රියදුරුවරුන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා කියා සිටියේ බලධාරීන්ගෙන් මෙතෙක් තමන්ට සාකච්ඡා සඳහා නිල ආරාධනාවක් සිදු කර නොමැති බවයි.

සිය වර්ජනය හේතුවෙන් අපහසුතාවට පත්වන උසස් පෙළ සිසුන් සම්බන්ධයෙන් වෘත්තිය සමිති එක්ව අද දහවල් සාකච්ඡාවක් සිදු කිරීමට නියමිත බවයි හෙතෙම සඳහන් කරන්නේ.

දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවකට ලක්වුණා.

එවැනි පිරිසක් විසින් ඊයේ රාත්‍රී කාලය වනතුරුම කොටුව දුම්රියපළේ රැදී සිටි අතර එහි ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය සහ යුද හමුදාව ද යොදවනු ලැබුවා.

මේ අතර, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා ප්‍රකාශ කළේ මෙම වර්ජනය අවසන් වන තුරු දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර භාවිතා කර ඔවුන්ට ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල නොමිලේ ගමන් කිරීමට තවදුරටත් අවස්ථාව පවතින බවයි.

අද දිනයේ උසස් පෙළ විභාගය සඳහා පෙනි සිටින සිසුන්ට යුධ හමුදාව විසින් විශේෂ හමුදා බස් සේවාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතතු කළ බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක, බි්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ.

මේ අතර විශ්‍රාමික දුම්රිය රියදුරන්ට අද උදෑසන 6.00ට පෙර දුම්රිය මූලස්ථානයට වාර්තා කරන ලෙස රජය ඉල්ලීමක් කර තිබුණා.

එසේම දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද අදහස් පළ වුණා.

එහිදී බන්දුල ගුණවර්ධන සහ දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් අදාළ ගැටළුව සම්බන්ධයෙන් දැක්වුයේ මෙවන් අදහසක්.

ඊට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ දුම්රිය රියදුරන්ගේ ගැටළුව සම්බන්ධයෙන් කමිටුවක් පත් කර ඇති අතර එහි තීන්දු තීරණ අනුව කටයුතු කරනු ඇති බවයි.


වැටුප් ගැටළුවක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වනවා.

මේ අතර, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා ප්‍රකාශ කළේ සිය වර්ජන අතහැර සාකච්ඡා සඳහා පැමිණෙන ලෙසයි.

එහෙත් දුම්රිය එංජින් රියදුරුවරුන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා කියා සිටියේ බලධාරීන්ගෙන් මෙතෙක් තමන්ට සාකච්ඡා සඳහා නිල ආරාධනාවක් සිදු කර නොමැති බවයි.

සිය වර්ජනය හේතුවෙන් අපහසුතාවට පත්වන උසස් පෙළ සිසුන් සම්බන්ධයෙන් වෘත්තිය සමිති එක්ව අද දහවල් සාකච්ඡාවක් සිදු කිරීමට නියමිත බවයි හෙතෙම සඳහන් කරන්නේ.

දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් මගීණ් දැඩි අපහසුතාවකට ලක්වුණා.

Your Comments