දිවියෙකුගේ ප්‍රහාරයකින් දස දෙනකුට තුවාල – දිවියා මරුට
(මාධව කුලසූරිය - වවුනියාව)

20

කිලිනොච්චිය අම්බාල්කුලම ප්‍රදේශයේදී දිවියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඒ අනුව ප්‍රදේශවාසීන් එක්ව දිවියා අල්ලා පහරදී අද (21) දහවල් මරා දමා ඇති බවයි පොලිසිය පවසන්නේ.
කිලිනොච්චිය අම්බාල්නගර් ප්‍රදේශයට දිවික් ගම්වැදී ඇති බවට ප්‍රදේශවාසීන් විසින් වනජිවි නිළධාරීන්ට දැනුම් දී දුන් බවත් වනජිවි නිළධාරීන් ප්‍රදේශවාසීන් සමඟ එක්ව දිවියා අල්ලා ගැනීමට මෙහෙයුමක් සිදුකොට ඇතත් එහිදි දිවියා අල්ලා ගැනීමට නොහැකි වි ඇති බවත් පැවසෙනවා.
කෙසේ වෙතත් දිවියා අද (21) උදැසන අම්බාල්කුලම විද්‍යාලය පසුපස කැළෑ ප්‍රදේශයේදී ගවයින් රැක බලා ගන්නා පුද්ගලයෙකුට පහරදි තිබෙනවා. ගම්වාසීන් ඒ පිළිබඳ වනජිවි නිළධාරීන්ට දැනුම් දුන්නද නිළධාරීන් ප්‍රමාදවී පැමිණි බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.
ඒ අනුව ප්‍රදේශවාසීන්ගේ වොරෝධය මැද වනජිවි නිළධාරීන් පිටව ගොස් තිබුනා.

වනජිවි නිළධාරීන් පිටත්වීමෙන් අනතුරුව ගම්වාසීන් දිවියා සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
එහිදී සැඟව සිටි දිවියාගේ ප්‍රහාරයකින් පුද්ගලයෙකු තුවාල ලැබූ බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.
ගම්වැදුණ දිවියා තවත් පිරිසකට ද පහරදී තිබෙනවා.
තුවාල ලැබූවන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති බව කිලිනොච්චිය පොලිසිය සඳහන් කළා.

Your Comments