දිවියා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් යළි රිමාන්ඩ්

11

කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී පහරදී දිවියකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනා ලබන 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට කිලිනොච්චිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
ඒ ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.
අධිකරණය හමුවේ කරුණු දක්වමින් පොලීසිය පවසා ඇත්තේ අධිකරණයට ඉදිරිපත් කළ වීඩියෝ දර්ශන උපයෝගී කරගනිමින් සැකකරුවන් හඳුනා ගත් බවයි.
දිවියා ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිරිසක් සැඟව ඇති අතර, අදාළ පිරිස අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බවද පොලිසිය සදහන් කළ බවයි නිව්ස් 24 වාර්තාකරු සඳහන් කළේ.

Your Comments