Home Top Stories UPDATE : දිවියා ඝාතනය කළ අය අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග

UPDATE : දිවියා ඝාතනය කළ අය අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග

5

කිලිනොච්චිය ප්‍රදේශයේ ගම්මානයකට කඩා වැදුණු දිවියෙකු පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසට කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියෝග කර තිබෙනවා.
ඒ සඳහා වීඩියෝ දර්ශන නිරීක්ෂණය කරන ලෙසට දන්වා ඇති බවයි නිව්ස් 24 අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර සිද්ධියට සම්බන්ධ සියලු පුද්ගලයින්ට දඩුවම් ලබා දෙන බව වන ජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසනවා.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රජය විසින් විශේෂ පරීක්ෂණයක් සිදු කරන බව සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
ඒ, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මතුකළ ප්‍රශ්නයකට පිලිතුරු ලබාදෙමින් .


කිලිනොච්චියේ දී දිවියෙකු ඝාතනය කිරීම ගැන රජයෙන් පරීක්ෂණ [Jun 22, 2018 @ 12:52]

කිලිනොච්චිය ප්‍රදේශයේ ගම්මානයකට කඩා වැදුණු දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජය පරීක්ෂණ සිදු කරන බව සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ද මතුකළ ප්‍රශ්නයකට පිලිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මේ අතර හිටපු වනජීවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුතු පිරිස් වහා අත්අඩංගුවට ගත යුතු බවයි.

Share this Article!

Your Comments