දිවියා ඝාතනයට තවත් සැක 4ක් අල්ලයි

16

කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේ දී දිවියෙකුට පහර දී ඝාතනය කිරීමේ සිද්ධීය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුව ගෙන ඇත්තේ ක්‍රිෂ්නපුරම් සහ ධර්මපුරම් යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22ත් 26ත් අතර පසුවන්නන් පිරිසක්.

සිද්ධියට සම්බන්ධ වීඩියෝ පට හා ඡායාරූප ඔස්සේ පරීක්ෂණ පවත්වා ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සැකකරුවන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර එම දිවියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ පෙරවරුවේ සහ පෙරේදා රාත්‍රියේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා එළඹෙන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

Your Comments