Home දේශීය පුවත් දිවයින හරහා සහ දිවයින අවට මුහුදේ සුළඟේ වේගය ඉහළට

දිවයින හරහා සහ දිවයින අවට මුහුදේ සුළඟේ වේගය ඉහළට

7

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවීමේ හැකියාව ඉදිරි දිනවලදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින හරහා විටින් විට පැයට කිලෝ මීටර 50ත 60ත් දක්වා වූ ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකි බව සඳහන්.
ඒ හේතුවෙන් ධීවර හා නාවුක ප්‍රජාව ඒ පිලිබඳ අවධානය යොමුකල යුතු බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
එමෙන්ම සඹරගමුව, මධ්‍යම, සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර 75ක තද වැසි ඇති විය හැකි බව සඳහන්.

Share this Article!

Your Comments