දිඹුලාගල ආරණ්‍ය සේනාසනය සංවර්ධනය කෙරෙයි

11

පිබිදෙමු පොලොන්නරුව වැඩසටහන යටතේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනය සංවර්ධනය කිරීම පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව අදියර 4ක් යටත් මෙම සංවර්ධන කටයුතු සිදු කෙරෙනු ඇති.
රුපියල් ලක්ෂ 1,500ක මුදලක් වැය කරමින් ඉදිකළ නව පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය සඟසතු කොට පූජා කිරීම එළඹෙන පොසොන් පොහෝ දිනයේදී සිදු කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මේ අතර, පොලොන්නරුව හිඟුරක්ගොඩ, උණගලා වෙහෙර රජ මහා විහාරස්ථ ඓතිහාසික චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද සිදු කෙරෙනවා.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙම වෙහෙර ලෝකවාසී බෞද්ධ ජනයාගේ වන්දනාමානයට සුදුසු ලෙස ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු ජනාධිපතිවරයාගේ මග පෙන්වීම යටතේ ආරම්භ කෙරුණේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීයි.
පිබිදෙමු පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් වශයෙන් උණගලා වෙහෙර ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරුණ බවයි ජනාධිති මාධ්‍ය අංශය පැවසුවේ.
පොළොන්නරුවට අයත් ඓතිහාසික බෞද්ධ හා හින්දු පුරා වස්තූන් අතර හමුවන සුවිශේෂ පුණ්‍ය භූමියක් ලෙස ද මෙම වෙහෙර හැදින්වෙනවා.

Your Comments