Home ගොසිප් දඹුල්ලේ වී අස්වනු නෙලන්න පැමිණි අමුත්තෝ

දඹුල්ලේ වී අස්වනු නෙලන්න පැමිණි අමුත්තෝ

26

දඹුල්ල රජ මහා විහාරස්ථ අනුබද්ධ රංගිරි රන්කෙත කාබනික ගොවිපලේ මෙවර වගා කෙරුණු දේශීය වී වගාවේ අස්වනු නෙලීම අද දින පෙරවරුවේ සිදුකෙරුණා.

පැරැණි වී වර්ග දේශීයව ගොවිපළේ වගාකිරීම මෙන්ම කිසිදු රසායනික පොහොර ද්‍රව්‍යයක් නොයොදා කාබනික පොහොර සහ දේශීයව නිෂ්පාදනය කරගත් කෘමිනාශක භාවිතයෙන් මෙම වගා බිමේ වී වගාව සහ විවිධ එළවළු බෝග වගා කිරිම සිදුකෙරුණා.

දේශීය වී අස්වනු නෙලීමේ අවස්ථාවට විදේශීය සංචාරකයන් කණ්ඩායමක් පැමිණ සිටි අතර ඔවුන්ද වී අස්වනු නෙලීම සඳහා කැමැත්තෙන් එක්වීම විශේෂත්වයකි.

මෙම ගොවිපළේ කළමනාකාරවරයා සඳහන් කර සිටියේ මෙවර ඉතා සාර්ථකව අස්වැන්න ලැබී ඇති බවයි.

ඡායාරූපවලින් දැක්වෙන්නේ දේශීය වී වගාව අස්වනු නෙලන විදේශීය කණ්ඩායමකි.

ජායාරූප – කාංචන ආරියදාස

Your Comments