Home දේශීය පුවත් දඩයමේ ගිය අයෙකු ගිනිඅවි දෙකක් සමග පොලිස් අත්අඩංගුවට ජයන්ත වීරසේකර -...

දඩයමේ ගිය අයෙකු ගිනිඅවි දෙකක් සමග පොලිස් අත්අඩංගුවට
ජයන්ත වීරසේකර - වැල්ලවාය

3

මොණරාගල සියඹලාණ්ඩුව පොලිස් බල ප්‍රදේශයේ කැලෑ බද රක්ෂිත ප්‍රදේශයකට ගිනිඅවි දෙකක් රැගෙන වනසතුන් දඩයමේ ගිය පුද්ගලයකු සියඹලාණ්ඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු මොණරාගල දොඹගවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසි හතක පුද්ගලයකු වන අතර සැකකරු ප්‍රදේශයේ රක්ෂිත තුළින් සතුන් දඩයම් කර මස් අලෙවි කරන පුද්ගලයකු බවට තොරතුරු ලැබී ඇති බවයි පොලිසිය පවසන්නේ. සැකකරු සන්තකයේ තිබූ ගිනිඅවි සහ සැකකරු සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සියඹලාණ්ඩුව පොලිසිය ඉදිරි පරීක්ෂණ සිදු කරනු ලබනවා.

 

Your Comments