තොරතුරු කොමිසමේ නියෝග පිළිනොපදින ආයතනවලට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග

15

තොරතුරු කොමිසමේ නියෝග පිළිනොපදින ආයතනවලට එරෙහිව ලබන වසරේ සිට අධිකරණමය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව එහි අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ මහතා පවසනවා.
මෙතෙක් ඒ සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවයි කොළඹ පැවති වැඩමුළුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේ.
කොමිසම නඩුවක් විභාග කිරීමේදී ඊට පෙනී නොසිටීමත්, දුන් නියෝග ක්‍රියාත්මක නොකිරීමත්, වසර දෙකක සිර දඬුවමකට හා රුපියල් පනස් දහසක දඩයකට යටත් කළ හැකි වරදක් බවයි රණසිංහ මහතා පෙන්වා දෙන්නේ.
තොරතුරු ලබාදීමේදී දකුණු ආසියාවේ ඉහළම ප්‍රතිචාරය ඇත්තේ ශ්‍රී ලංකාවේ බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Your Comments