තායිලන්ත අගමැති හෙට දිවයිනට

22

තායිලන්ත අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් චන් ඔ චා දෙදින නිල සංචාරයක් සදහා හෙට දිවයිනට පැමිණීමට නියමිතයි.
2015 වර්ෂයේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා තායිලන්ත සංචාරයකදි කළ අරාධනයක් මත තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරය සිදු කරන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේ.
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තරකර ගැනීම සංචාරයේ අරමුණයි.
නිදහස් වෙළෙඳ ගිවිසුමක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා පැවැත්වෙන අතර ගිවිසුම් 04කට ද එහිදී අත්සන් තැබීමට නියමිත බව සදහන්.
තායිලන්ත අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් චන් ඔ චා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ද සාකච්ඡා කිරීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

Your Comments