Home Top Stories තායිලන්ත අගමැති දිවයිනට

තායිලන්ත අගමැති දිවයිනට

8

නිළ සංචාරයක් සඳහා තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕචා අද පස්වරුවේ දිවයිනට පැමිණියා.
දෙදින නිල සංචාරයක් සඳහා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණි අතර ඒ සඳහා අග්‍රාමාත්‍ය ආර්යාව ඇතුළු 40 දෙනෙකුගෙන් සමත්විත දූත පිරිසක් එක්ව සිටිනවා.
මෙම පිරිස පිළිගනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතු`ඵ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු විසින්.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරාධනයකට අනුවයි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණියේ.
මේ අතර විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරන්නේ තායිලන්ත අග්‍රාමාත්‍යවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ නිලධාරීන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශික සාකච්ඡා සිදු කරනු ඇති බවයි.
එහිදී ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබෙනු ඇති.

Share this Article!

Your Comments