තහනම් පොලිතීන්වලින් ආහාර දවටන නිපදවූ කම්හලක් වටලයි

10

තහනම් පොලිතින්වලින් ආහාර දවටන නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන අංශය විසින් වටලා තිබෙනවා. ඒ, පසුගිය ඔක්තෝබර් මස 11 දා ඒ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුවයි.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ විමර්ශන අංශයේ නිලධාරීන්, පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් සහ පරිසර පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් පෑලියගොඩ, මීගහතැන්න ප්‍රදේශයේ පවත්වාගෙන යන ලද මෙම කර්මාන්තශාලාව වටලා තිබුණා.
එහිදී තහනම් පොලිතීන් ආශ්‍රයෙන් නිෂ්පාදනය කරන ආහාර දවටන සහ ඒවා නිෂ්පාදනය සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය ද විශාල තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
රුපියල් ලක්ෂ දෙකක පමණ වටිනාකමකින් යුත් තහනම් පොලිතීන් ආහාර දවටන කිලෝ ග්‍රෑම් 200ක් පමණ පාරිභෝගික සේවා අධිකාරිය විසින් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.
මෙලෙස තහනම් පොලිතින් නිෂ්පාදනය කරන ලද කර්මාන්තකරුට එරෙහිව ජාතික පාරිසරික පනත යටතේ හා  පාරිභෝගික සේවා අධිකාරි පනත යටතේද  නඩු පැවරිමට කටයුතු කරන බව සඳහන්.

 

Your Comments