තලාව රාජ්‍ය බැංකුවෙන් සොරකම් කළ මුදල් හා රන් ආභරණවල වටිනාකම කෝටි 16 ඉක්මවයි

13

අනුරාධපුර – තලාව නගරයේ රාජ්‍ය බැංකුවකින් සොරකම් කළ මුදල් හා රන් ආභරණවල මුළු වටිනාකම රුපියල් කෝටි දහසය ඉක්මවන බවට ගණනය කර තිබෙනවා.

ඒ පිළිබඳව බැංකු නිලධාරීන් විසින් පොලීසියට දැනුම්දී ඇති බවයි වාර්තාවන්නේ.

සිද්ධියට අදාළව මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.

කෙසේ වෙතත්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් කණ්ඩායම් 8 ක් ඊට අදාළ විමර්ශනය සඳහා යොදවා තිබෙනවා.

Your Comments