ඥානසාර හිමියන් අධිකරණයට – කැරළි මර්දන ඒකකයත් කැඳවයි

6

හෝමාගම අධිකරණයේ දී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට බැන මරණ තර්ජනය කිරීමේ චෝදනාවට වරදකරු වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මේ වනවිට අධිකරණයට පැමිණ සිටිනවා.

නිව්ස්24 වාර්තාකරු සඳහන් කළේ හෝමාගම අධිකරණ සංකිර්ණයේ මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර කැරලි මර්දන ඒකකය ද කැඳවා ඇති බවයි.

ඥානසාර හිමියන්ට සහය පළකරමින් භික්ෂුන් වහන්සේලා සහ දායක පිරිස් අධිකරණ සංකීර්ණය ආසන්නයේ මේ වන විට රැදී සිටින බව සඳහන්.

මෙම සිදුවීම වාර්තා කිරීම සඳහා මේ වන විට දෙස් විදෙස් මාධ්‍යවේදීන් ද අධිකරණ සංකීර්ණයේ රැස්වී සිටින බවයි වාර්තා වන්නේ.

සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය ද අධිකරණ සංකීර්ණය වෙත පැමිණ සිටන අතර ඊට අදාළ නඩුව තව සු`ඵ මොහොතකින් විභාගයට ගැනෙනු ඇති.

Your Comments